March, 21, 2016
තොරතුරු තාක්ෂණය සහ විදුලි සංදේශ විසඳුම් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන Huawei සිය නවතම අන්තර්ජාතික සන්නාම තානාපතිවරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්කරගනියි. ලියොනෙල් මෙසී සහ Huawei අතර සබඳතාව Huawei නිෂ්පාදන සහ පාරිභෝගික ජනතාව අතර පවතින විශ්වාසය තව දුරටත් තහවුරු කරනු ඇත.
අභියෝග මගින් නිරතුරුවම අපි අපේක්ෂා කරන දෙය සහ කැමැත්ත දක්වන දෙය හෝ ආදරය දක්වන දේ පිළිබඳව පරීක්ෂන පවත්වයි. අත්දැකීම්, පළපුරුද්ද සහ වර්ධනය මත සාර්ථකත්වයට ළඟා විය හැකිය.එවන් අභියෝග රැසක් මැදින් ප්‍රමුඛස්ථානයට පැමිණි Huawei සහ කැමැත්ත හා ආදරය තුළින් අභියෝග ජයගැනීමේ දක්ෂයෙකු වු ලයනල් මෙසී අතර ඇත්තේ පරිපුර්ණ සමානත්වයකි.
මෙම සන්නාම තානාපති ධුරය පිළිබඳව අදහස් දක්වමින් Huawei Consumer BG හි සභාපති කෙවින් හෝ මහතා සඳහන් කළේ “ලයනල් මෙසී Huawei වෙළඳ නාමය තවදුරටත් ජනතාව අතරට ගෙනයාම පහසු කරවනු ඇති බවයි. පාරිභෝගිකයා සහ Huawei අතර සබඳතා තහවුරු කරදීමට ලියොනෙල් මෙසී සමත්වනු ඇති බවත් විශේෂයෙන් යුරෝපය, ආසියාව, සහ ලතින් ඇමරිකාව ආදී රටවල ජනතාව වෙත වඩ වඩාත් සීමප වීමට එතුළින් හැකියාව ලැබෙනු ඇති බවට ද විශ්වාසය පල කළේය.
පුළුල් සබඳතාවක් මගින් අපගේ පාරිභොගිකයින් වෙත අපගේ කැමැත්ත ප්‍රදර්ශණය කිරීමට අපේක්ෂා කරමු.විශේෂයෙන් සිය වෘත්තීය ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ දේ කැපකරමින් ඉදිරියට පැමිණ සාර්ථක වු ලයනල් මෙසී ගේ ජීවිත කථාවේ කැඩපතක් ලෙස Huawei හඳුනාගත හැකිය.
Video Story