ලයන් බීර කම්හල යළි වැඩ අරඹයි

    November, 24, 2016

    පසුගිය මැයි මාසයේ දී ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතු කොට ගෙන මුළුමනින්ම ඇණ හිටි බියගම පිහිටි ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී හා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් කර්මාන්තශාලාවේ කටයුතු සුපුරුදු පරිදි යලිත් වරක් ආරම්භ කළ බව සමාගම විසින් දැනුම් දී සිටී.

    මේ අනුව සමාගම විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ සමාගමේ සම්පූර්ණ නිෂ්පාදිත පෙළ නුදුරේ දීම යළිත් වරක් වෙළෙඳපොළ වෙත පිවිසෙනු ඇති බවයි.

    ලයන් බෘෘවරි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු මුළුමනින්ම අඩපණ වීම හේතුවෙන් සමාගම වෙත, බියර් කෑන් ආනයනය කිරීම සඳහා විශේෂ බදු සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය කාලය තුළ කටයුතු කර තිබිණි.