ලයිස්තුගත සමාගම්වල ලාභ වර්ධනය සිව්වන කාර්තුවේදී පහළට

    March, 6, 2015

    2014 සිව්වන කාර්තුවේදී මෙරට ලයිස්තුගත සමාගම්වල ඉපැයුම් (earnings) වැඩිවීම මන්දගාමී වී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

    Capital Alliance Securities (Private) Ltd සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම සමීක්ෂණ වාර්තාවට අනුව කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත ඉපැයුම් 2013 වසරේ සිව්වන කාර්තුවට සාපේක්ෂව 2014 සිව්වන කාර්තුවේදී සියයට 9.3 කින් වර්ධනය වී තිබෙන අතර සමස්ත ඉපැයුම්වල වටිනාකම රුපියල් බිලියන 55.8 ක්වී ඇත.

    කෙසේවෙතත්, 2014 තුන්වන කාර්තුවේදී කොළඹ කොටස් වෙළඳ පොළේ වූ සියයට 52.8 ක ඉපැයුම් වර්ධනයට සාපේක්ෂව 2014 සිව්වන කාර්තුවේදී පෙන්වා තිබෙන්නේ මන්දගාමී ඉපැයුම් වර්ධනයකි.

    2014 සිව්වන කාර්තුවේදී කොටස් වෙළඳ පොළට වැඩිම ඉපැයුම් එකතු කර තිබෙන්නේ බැංකු අංශය මගින් වන අතර තනි සමාගමක් විසින් වැඩිම ඉපැයුම් එකතු කර තිබෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.