ලෆාජ්හොල්සිම් වෙනුවෙන් ඉන්දියානුවෝ තිදෙනෙක් පොරයට

    June, 10, 2016

    ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන ලෆාජ්හොල්සිම් හි මීළඟ හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දියානු සමාගම් තුනක් අතරෙහි තියුණු තරඟයක් නිර්මාණය වී තිබේ. Dalmia Bharat, Shree Cements සහ Ramco Cements යන සමාගම් මෙලෙසින් තරඟයට පිවිස තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටී.

    විදෙස් මාධ්‍ය පවසන පරිදි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ උපදෙස් පරිදි සිය ශ්‍රී ලංකාවේ වත්කම් විකුණා දමා ලෆාජ්හොල්සිම් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වීමට තීරණය කර තිබේ.

    මුල් අදියරේ දී දේශීය සමාගමක් ඇතුළු චීන හා තායි සිමෙන්ති නිෂ්පාදන සමාගම් ද ලෆාජ්හොල්සිම් වෙත සිය උනන්දුව පළ කර තිබූ අතර ඒ සියල්ල අභිබවමින් ඉහත කී ඉන්දියානු සමාගම් ත්‍රිත්වය මෙම සටනෙහි අවසාන අදියර දක්වා පැමිණ තිබේ.

    මෙය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ගනුදෙනුවකි.