March, 1, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම පරිදි එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලයට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය පත්කර ඇති බව සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙම පත්කිරීම් 2016 ජනවාරි 12 වැනි දින සිට බලාත්මක වනු ඇත.
මේ අනුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය අස්වින් ද සිල්වා (සභාපති), ඩී.එල්.පී.ආර්. අබේරත්න (අධ්යක්ෂ), ඒ.කේ. සෙනෙවිරත්න (අධ්යක්ෂ), සුරංග නාවුල්ලගේ (අධ්යක්ෂ), අජිත් පතිරණ (අධ්යක්ෂ), අනිල් රාජකරුණා (අධ්යක්ෂ), චන්දිම හේමචන්ද්‍ර (අධ්යක්ෂ) වන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත.
මීට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී, එස්.ඩී.එන්. පෙරේරා මහතා එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් පත්කර තිබේ.
තවද එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි නව ලේකම්වරයා ලෙසින් එම්.ඒ.පී. මුහන්දිරම් මහත්මිය පත් කර ඇති අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ ලිපිනය එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී වෙනුවෙන් ඉදිරියේ දී භාවිත කිරීමට නියමිතය.
සමාගමේ කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පවරා ගැනීමෙන් පසු පසුගිය ජනවාරි 05 වන දින සිට එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.
මේ අතර එන්ට්‍රස්ට් සිකියුරිටීස් හි 2015 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අද දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර පසුගිය මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ ලාභය රුපියල් මිලියන 312 සිට මිලියන 60.6 දක්වා 81% කින් අඩු වී තිබේ.
Video Story