ලාෆ්ස් ශ්‍රී ලංකාවේ ලොකුම ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ අරඹයි

    January, 29, 2016

    ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් ෆාමසියුටිකල් (පුද්) සමාගම අද (29) දිනයේ දී මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් සඳහා මුලපුරනු ලැබීය.

    කොග්ගල අපනයන සැකසුම් කලාපය තුළ ඉදිකෙරන මෙම කර්මාන්තශාලාව සඳහා මුල් පස්පිඩැල්ල කැපීමේ කටයුතු අද දින සිදුවූ ඒ සඳහා ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීහූ පිරිසක් එක් වී සිටියහ.

    ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හා ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම අතර එළඹි ව්‍යාපාර සහයෝගීතාවක් මත මෙම ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිවන අතර ඒ සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 කි.

    Video Story

    Stock Market

    Exchange Rates