December, 8, 2025
‘ඇගේ දෑසින්’ නම් වූ මෙම සුවිශේෂී වැඩසටහන, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙර කවදාවත් නොවූ ලෙස මෙවර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16 යනු සෑම වසරකම නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරයකි. එය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී මානව හිමිකම් දිනයෙන් අවසන් වේ. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා දැනුවත්භාවය ඉහළ නැංවීම සහ සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවීම මෙහි අරමුණයි.
මෙම වසරේදී, මෙම ව්‍යාපාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එහි ප්‍රධාන හවුල්කරුවන් සමඟින්, සිය ප්‍රධාන ව්‍යාපෘති වැඩසටහන් හරහා දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සම්පූර්ණයෙන්ම නව සහ අද්විතීය ක්‍රමයක් භාවිතා කරයි. ‘Through Her Eyes, ඇගේ දෑසින්, அவளின் பார்வையில்’ යනු වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ නිර්මාණාත්මක හඬ කැවීම් ඒකාබද්ධ කරමින් විවිධ මාධ්‍යයන් ඔස්සේ ‘සාරා’ නම් වින්දිත කාන්තාව යුක්තිය සොයා යන කම්පන සහගත ගමන කථාන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කිරීමකි.
'ඇගේ දෑසින්’ නම් වූ මෙම වැඩසටහන UNDP ශ්‍රී ලංකා හි ව්‍යාපෘති තුනකට සමගාමීව ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘති අතර කැනඩා රජය විසින් අරමුදල් සපයන සහ UNFPA ශ්‍රී ලංකා සමඟ එක්ව ක්‍රියාත්මක කරන 'ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් හා හිංසනයෙන් මිදී ආ අය සඳහා යුක්ති මග විවර කර දීම ව්‍යාපෘතිය’, යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, අධිකරණ අමාත්‍යාංශය සහ UNICEF ශ්‍රී ලංකා එක්ව ක්‍රියාත්මක කරන 'යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය’ (JURE) සහ ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ කොරියානු ජනරජයේ රජයන්ගේ අරමුදල් සහිතව UNDP හි අරමුදල් වැඩසටහන් හරහා සහාය දක්වන, ‘සාමය සඳහා නව න්‍යාය පත්‍රය සඳහා ක්‍රියාමාර්ග සහ අපේක්ෂාව’ (AAA) යන ව්‍යාපෘති ඇතුළත් වේ.
මෙවැනි මහජන ක්‍රියාකාරකම්වල කාලෝචිතභාවය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ UNDP හි නේවාසික නියෝජිතවරිය වන අසූසා කුබෝටා මහත්මිය මෙසේ පැවසුවාය. “මෑත ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුතම ස්වාභාවික විපත්වලින් එකකින් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින බැවින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සැමගේ සහභාගීත්වය සහ ව්‍යුහාත්මක වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් මිදී ආ අය තුළ මෙන්ම ඔවුන් වටා සිටින අය සහ ඔවුන් ජීවත් වන සමාජය තුළ ද ගැඹුරු කැළලක් ඉතිරි කරන බව අප කවුරුත් දන්නා කරුණක්. එහෙත්, එම අත්දැකීම සමඟින් ජීවත් වීම කෙබඳු වේ දැයි අපි ඇත්තටම දන්නවාද? අර්බුදකාරී තත්ත්වයකදී, තවත් උග්‍ර වන ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ මූලික හේතූන් අප විසඳා ගත යුත්තේ කෙසේද? ස්ත්‍රී පුරුෂ භාවය, සංස්කෘතිය සහ අනෙකුත් සියලු දෑ නොතකමින්, වේදනාවන් සහ දුෂ්කරතා තුළින් ජීවත් වන අයගේ තත්ත්වය කෙසේ වේ දැයි අපි අපිටම ඒත්තු ගන්වමින්, බොහෝ දෙනෙකු මුහුණ දෙන අභියෝගවලට අපට සාමූහිකව මුහුණ දිය හැකි ආකාරය ගැන සිතා බැලිය හැකි අන්දමේ අත්දැකීමක් නිර්මාණය කිරීමෙන්, අපි මේ වසරේ දින 16 වෙනස්ම ආකාරයකට සනිටුහන් කිරීමට කැමතියි. අපගේ මෙම වැඩසටහන් වල අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ බලගැන්වීම සැබවින්ම සාක්ෂාත් කර ගත හැකි වන පරිදි ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තවදුරටත් නොපවතින රටක් සහ ලෝකයක් නිර්මාණය කිරීමයි. 'ඇගේ දෑසින්’ යනු පුළුල් පරාසයක පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ වැඩසටහනකි. එය රජය, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන්, තරුණ තරුණියන් සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු බොහෝ කණ්ඩායම් එකට එක්රැස් කරමින් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට කටයුතු කරනු ඇති අතර වඩා හොඳින් නැවත ගොඩනැගීමට ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇත."
ශ්‍රී ලංකා රජයේ ඉදිරි දැක්ම බෙදා ගනිමින්, ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේ අදහස් දැක්වූයේය. "‘ඇගේ දෑසින්’ වැඩසටහන සෑම කෙනෙකුටම මොහොතකට නතර වී ප්‍රචණ්ඩත්වයෙන් මිදී ආ අය අත්විඳින දේ සැබවින්ම තේරුම් ගැනීමට උපකාරී වේ. එලෙස ප්‍රචණ්ඩත්වයෙන් මිදී ආ අයෙකු තමන්ට මුහුණ දීමට සිදු වූ දේට එරෙහිව නැඟී සිටිනවා නම් ඒ සඳහා ඔවුන් තුළ කොතරම් ධෛර්යයක් තිබිය යුතු දැයි මෙය අපිට මතක් කර දෙනවා. එම නිසා, අප ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය, ඔවුන් ආරක්ෂිතව තබා ගත යුතුය, සහ යුක්තිය පතා යන විට ඔවුන්ට බියක් ඇති නොවන බවට වග බලා ගත යුතුය. කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම එක් කණ්ඩායමකට පමණක් කළ නොහැකිය. එයට සම්පූර්ණ, සාමූහික උත්සාහයක් අවශ්‍ය වේ. ඒ කියන්නේ පොලිසිය, උසාවි, වෛද්‍යවරුන්, සමාජ සේවකයින්, ගුරුවරුන්, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජාවන් සියල්ලන්ම හවුල්කරුවන් ලෙස එකට වැඩ කළ යුතුයි."
ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස සිය අදහස් දක්වමින්, කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගිතා අංශයේ ප්‍රධානී, කිරිල් අයෝර්ඩනොව් මහතා මෙසේ සඳහන් කළේය. “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීම සාමූහික වගකීමක්. කැනඩාව ඒ සඳහා නව හා ඵලදායී විසඳුම් නිර්මාණය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම මුළු සමාජයටම ප්‍රතිලාභ ලබා දෙන බව කැනඩාව තරයේ විශ්වාස කරන කරුණක්. එබැවින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, අපි වඩාත් සාමකාමී සාර්ථක ලෝකයක් නිර්මාණය කිරීමට දායක වෙනවා."
මෙම විශේෂ වැඩසටහනේ 'ආරක්ෂිත අවකාශය' මගින්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වී හිංසනයෙන් මිදී ආ අයට යුක්තිය ලබා ගැනීමට උපකාර කිරීම, රජයේ ආයතන පුහුණු කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාර ධර්ම පිළිපදිමින් වාර්තා කිරීමට මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට උපකාර කිරීම සඳහා පුරුෂ පාර්ශ්වයේ සහයෝගිතාවය සහ අවට සිටින අයගේ මැදිහත්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති මගින් ලබාදෙන සහයෝගය සහ වැඩ කටයුතු ද ඉස්මතු කරයි.
යුරෝපා සංගමයේ ප්‍රමුඛතා ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපතිනි එච්. ඊ. කාමන් මොරෙනෝ මහත්මිය මෙලෙස අදහස් දැක්වීය. "මෙම සුවිශේෂී අත්දැකීම වැදගත් සංවාද ආරම්භ කිරීමට මෙන්ම බරපතල හා සංවේදී මෙම ගැටලුව පිළිබඳව දැනුවත්භාවය ද ඉහළ නැංවීමට උපකාරී වේ. ‘ඇගේ දෑසින්’ වැඩසටහන තුළින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයක් නොමැති ශ්‍රී ලංකාවක් ඇති කිරීම වෙනුවෙන් සැවොම එක්ව යන ගමන සැලසුම් සහගතව සහ විධිමත්ව සිදුකිරීම සඳහා විශිෂ්ට අදහස් ඇති නායකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ ක්‍රියාකාරීන් එකට සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරයි.”
රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වැඩසටහනට සමගාමීව 'අර්බුදකාරී අවස්ථාවන්හි දී ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වූ අයට ආර්ථික ස්වාධීනත්වය ලබා දීම' යන තේමාව යටතේ පැවැත්වූ සාකච්ඡාවක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය. රජය, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශයේ නායකයින්, සිවිල් සමාජ සංවිධාන සහ තරුණ කණ්ඩායම් ඇතුළු ප්‍රධාන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සංවාදය, ස්ත්‍රී පුරුෂ භාවයට ප්‍රතිචාර දක්වන අර්බුද සැලසුම් කිරීම, හදිසි අවස්ථා සහ ආපදා වලදී ආරක්ෂාව සහ යුක්තිය සහතික කිරීම, ආරක්ෂිත නවාතැන් සැලසුම් නිර්මාණය කිරීම, සෞඛ්‍ය සහ ප්‍රජනන සේවා ලබාගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, මනෝ සමාජීය සහාය ලබා දීම සහ ආරක්ෂිත සහ විශ්වාසදායක වාර්තාකරණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහන කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා දැනුවත්භාවය ඉහළ නැංවීම සහ සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට ජනතාව උනන්දු කරවයි. එය හානිකර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන්ට අභියෝග කිරීමට, වින්දිතයන්ට සහය වීමට, වැරදිකරුවන්ගෙන් වගඋත්තර ඉල්ලා සිටීමට සියලුම රජයන්ට, සංවිධානවලට සහ පුද්ගලයන්ට ආරාධනා කරයි.
‘Through Her Eyes, ඇගේ දෑසින්, அவளின் பார்வையில்’ ප්‍රදර්ශනය දෙසැම්බර් 02 වන දින සිට 07 වන දින දක්වා පෙ.ව. 10 සිට ප.ව. 7 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මහජනතාව සඳහා විවෘතව පවතී.
මෙම අතිවිශේෂ අත්දැකීම පිළිබඳ වැඩිදුර දැන ගැනීමට සහ සම්බන්ධ වීමට: https://go.undp.org/through-her-eyes

Video Story