ලිට්‍රෝ ගෑස් සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීමට තරඟකාරී ලංසු ක්‍රමයක්

    September, 14, 2017

    80%ක වෙළඳපොළ කොටසක් හිමි, මෙරට විශාලතම එල්පී ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය එල්පී ගෑස් අන්තර්ජාතික තරගකාරී ලංසු ක්‍රමය මඟින් මිල දී ගැනීමට තීරණය කර ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 1ක් සවුදි ඇරැම්කෝ ගිවිසුම් මිලට ඇමරිකානු ‍ඩොලර් 47.50ක් එක් කළ මිලකට බැගින්, 2017 - 2018 වර්ෂය සඳහා එම සමාගමට අවශ්‍ය එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 300,000ක් M/s Shell International Eastern Trading Company වෙතින් මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.