ලියකියවිලි – කොන්දේසි නැතුව වන්දි පිරිනැමීමට රක්ෂණ සමාගම් සූදානම්

    May, 27, 2016

    ගංවතුරෙන් විපතට පත්වූ ජනතාවට රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම ලියකියවිලි හෝ කොන්දේසි නොසලකා සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් පවසයි.

    මුදල් අමාත්‍යංශයේ උපකල්පනයට අනුව රුපියල් කෝටි 15,000ත් 20,000ත් අතර තක්සේරු අලාභයක් ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති බව සඳහන්ය.

    ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටී.එම්.ආර්.බන්සා ජයා මහතා පවසන්නේ රුපියල් ලක්ෂයට අඩු වන්දි සඳහා කිසිදු ලියවිල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කොකරන බවයි.

    සෙලින්කෝ රක්ෂණ සමාගම සඳහා ගංවතුර වන්දි 1826ක් ලැබී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ පැට්‍රික් අල්විස් මහතා පැවසීය.

    රක්ෂණ වන්දි සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති රක්ෂණ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී දයාලනී අබේගුණවර්ධන මහත්මිය පැවසුවේ මෙම ව්‍යවසනයෙන් පීඩාවට පත්වූ සිය ගනුදෙනුවන්කරු‍වන්ගේ ලියකියවිලි ගැන අවධානය යොමු නොකර අදාළ සහන සලසන බවයි.

    රක්ෂණ වන්දි ලබාගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් ඇතිවුවහොත් රක්ෂණ ඔම්බුස්මන්වරයා හෝ රක්ෂණ මණ්ඩලය වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති ඩර්ක් පෙරේරා මහතා පැවසීය.

    https://www.youtube.com/watch?v=Xqz5RTvqtZ4