ලියාපදිංචි මෝටර් රථ සඳහා 80%ක් ලීසිං දෙන්න මහ බැංකුවෙන් උපදෙස්

    February, 27, 2021

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට පරිහරණය කෙරෙන, පළමු ලියාපදිංචිය සිදුකර වසරකට වඩා පැරණි මෝටර් රථ වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් මුදල, වටිනාකමෙන් සියයට 80ක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

    මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර ඇත.