ලිහිසි තෙල් මිල අඩු කිරීමේ සැලසුමක්

    March, 21, 2016

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ යාමට සමගාමීව ලිහිසි තෙල් මිල ගණන් ඉදිරියේ දී අඩු කළ හැකි බව පෙට්‍රොලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින මිල මට්ටම්වලට වඩා 25% කින් පමණ ලිහිසි තෙල් මිල ගණන් පහළ දැමිය හැකි බවයි.