ලොකු ලූනූ බද්ද වැඩිවේ

    December, 2, 2014

    ආනයනික ලොකු ලූනූ කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 35ක බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇතිබව වෙළඳ අමාත්‍යංශය පවසයි.

    ඒ අනූව, ලොකු ලූනූ කිලෝවක් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ බද්දට අමතරව තවත් රුපියල් 15ක ආනයන බද්දක් එකතු වේ.

    පසුගියදා දඹුල්ලේ ලොකු ලූනූ ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකිව විරෝධතා දැක්වූ අතර එහිදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා මැදිහත් වී ජනාධිපතිවරයාට කතා කොට ලොකු ලූනූ කිලෝවක් රජය විසින් රුපියල් 90 බැගින් මිලදී ගන්නා බවට දුන් පොරොන්දුව මත ගොවීන් විරෝධතාව අත්හැරීය.