December, 28, 2015
මෑත කාලයේදී පාරිභෝගික ජනතාවගේ වඩාත්ම අවධානයට ලක් වූ ලොතරැයිය ගොවිසෙතයි. කෝටි හතරකින් ආරම්භ වී කෝටි දහතුන ඉක්මවූ අති විශාල මුදලක් දක්වා ගොවිසෙත සුපිරි ත්‍යාගය වර්ධනය විය.මෙය මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ත්‍යාගය වන අතර මේ ලොතරැයිය සම්බන්ධයෙන් ලාංකීය ජනතාව තුළ අති විශාල උද්යෝගයක් හා ජනප්‍රියතාවක් ගොවිසෙත ලොතරැයිය පිළිබදව ඇති විය.
2015 දෙසැම්බර් 19 වන දින රු. දහතුන් කෝටි දහතුන් ලක්ෂ හැටදහස් එකසිය තිස්හයයි සත හතලිහක(131,360,136.40) දැවැන්ත සුපිරි ත්‍යාගයට, ගොවිසෙත දිනුම් ඇදීම තුළින් ජයග්‍රාහකයෙකු බිහිකිරීමට හැකි වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය සතුටින් දැනුම් දී සිටින අතර 2016 නව වසර හා නත්තල් මංගල්‍ය ලග එන මෙම උත්සව සමයේ මෙම අති විශාල සුපිරි ත්‍යාගය හිමි ජයග්‍රාහකයෙක් බිහි කිරීමට හැකි වීම ඉතා සුවිශේෂී අවස්ථාවක් බව ද තව දුරටත් දන්වා සිටී.
පාරිභෝගික ජනතාව වාසනාව උරගා බැලීමට ගොවිසෙත ලොතරැයි වැඩි වශයෙන් මිලදී ගනිද්දී සුපිරි ත්‍යාග මුදල පිළිබදව දුර්මත කීපයක්ද සමාජයේ සුලු වශයෙන් කථාබහට ලක් විය. .මේ සියලු දුර්මතයන් අභියෝගයට ලක් කරමින් 2015 දෙසැම්බර් 19 වන දින 1230 වැනි ගොවිසෙත දිනුම් ඇදීමෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාසනාවන්ත ජයග්‍රාහකයකු බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකි විය.ජයග්‍රාහී ටිකට් පත අලෙවි කල අලෙවි නියෝජිතයා වනුයේ එච්.ජී ප්‍රියන්ත මහතා ඇඹිලිපිටිය නගරයෙනි. දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරිය වනුයේ අයිරාංගනී පුෂ්පවර්ණ මහත්මියයි.
මෙම ටිකට් පත 2015 දෙසැම්බර් 20 වන දින ජයග්‍රාහකයා ව්සින් ජාතික ලොතරැයි මණ්ඩලයට පැමිණ බාර දෙන ලදී. මෙවැනි කෝටිපති ජයග්‍රාහකයින් ඉදිරියේදීත් රටට බිහි කිරීම හා රටේ සංවර්ධන කටයුතු වලට නිරන්තරයෙන් දායක වීම ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලික අරමුණයි.
Video Story