ලොව සිහින්ම ටැබ්ලට් පරිගණකය වෙළඳ පොළට

    September, 4, 2015

    සුප්‍රකට දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික සමාගම වන සැම්සුන්ග් විසින් Galaxy Tab S2 නැමති ටැබ්ලට් පරිගණකය ඉන්දියානු වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වන අතර එහි මිල ඉන්දියානු රුපියල් 39,400 ක් බව සඳහන්ය.

    මෙය ලෝකයේ වඩාත්ම සිහින් ටැබ්ලට් පරිගණකය බවත් මෙය ඉන්දියාව තුළම නිෂ්පාදනය කරනු ඇති බවත් වාර්තා වේ.

    අඟල් 9.7 ක තිරයකින් යුතු මෙම ටැබ්ලට් පරිගණකය සැම්සුන් සමාගමේ Exynos octa-core ප්‍රොසෙසරයකින් (Quad 1.9GHz + Quad 1.3GHz) සහ 3 GB RAM ඒකකයකින් සමන්විත වේ.