• video

ලොව සුප්‍රසිද්ධ නිරූපිකාවකගෙන් ‘සමහන්’ සඳහා අද්විතීය ඇගයීමක්

March, 4, 2023

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නිරූපිකාවක් වන නයෝමි කැම්බෙල් නිරන්තරයෙන් සිය අත්බෑගය තුළ ‘සමහන්’ තබා ගන්නා බව පවසයි.

Vogue India සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසන්නේ,‘What does Naomi Campbell carry in her bag?’ යන්නට ප්‍රතිචාර දක්වමිනි. සමහන් සිය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා හොඳ දෙයක් බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, 100% ක්ම ස්වභාවික ශාකසාර ගුණය අඩංගු ඖෂධීය පානයකි. එය පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා අත්දුටු පිළියමක් ලෙස පරම්පරා ගණනාවක් සම්ප්‍රදායිකව භාවිතා කරනු ලබන ආයුර්වේද ඖෂධ 14ක සාරයෙන් නිපදවා ඇත.

ලින්ක් සමහන් පළමු වරට 1995 වසරේ දී වෙළදපොළට හඳුන්වා දී ඇති අතර දශක තුනකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාසය දිනාගනු ලැබූ දේශීය සන්නාමයක් බවට පත්වී ඇත. ජාත්‍යන්තර වශයෙන්ද ලින්ක් සමහන් යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, මැදපෙරදිග සහ ජපානය ඇතුළු රටවල් 30කට අධික සංඛ්‍යාවකට අපනයනය කිරීමද විශේෂත්වයකි.