August, 11, 2025
2021 ලෝක බැංකු වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, වාහනයක් මිලදී ගැනීමට වඩාත්ම මිල අධික රටවල් අතර ප්රමුඛ ස්ථානයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
මෙම දර්ශකය උපුටා දක්වමින් ඇඩ්වොකාටා ආයතනය පවසන්නේ 2021 දී ශ්රී ලංකාව, වාහන මිල ගණන් සඳහා ලෝකයේ 3 වන ඉහළම ස්ථානයට පත්ව ඇති බවයි.
මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුව සහ මාලදිවයින පමණි.
ඉහළ ආනයන බදු සහ පැවති සීමාකාරී ප්රතිපත්ති නිසා වාහන හිමිකම ස්වල්ප දෙනෙකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත් වී ඇති බව ද ඇඩ්වොකාටා මෙහිදී අවධාරණය කරයි.
කෙසේවෙතත් මේ වන විට වාහන ආනයන සීමා මුළුමනින්ම පාහේ ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණ ද, ඉහළ ආනයන බදු හේතුවෙන් වාහනයක හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ඉතා ඉහළ මිලක් ගෙවීමට ශ්‍රී ලංකා පුරවැසියනට සිදුව තිබේ.
මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ වාහනයක මිල ගෝලීය පිරිවැය සාමාන්‍යයට වඩා 1.75ක ගුණයකට වඩා වැඩි බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාටා තැබූ සටහන පහතින් දැක්වේ.

Video Story