ලෝකයේ විශාලතම රන් ණය සපයන්නා ඒෂියා ඇසට් ෆයිනෑන්ස් කුට්ටියක් ගනී

    August, 25, 2014

    ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමට අනුබද්ධ ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 167.6 ක් එකක් රුපියල් 1.60 ක් බැගින් ඉන්දියාවේ Muthoot Finance Limited සමාගමට අද විකුණා තිබේ.

    මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 267 ක් පමණ වන අතර ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් වලින් සියයට 29.9 ක් මෙම ඉන්දියානු සමාගමට මෙහිදී ලබාදී ඇත.

    Muthoot Finance Limited සමාගම ඉන්දියාවේ කේරලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන අතර ඉන්දියාව තුළ මෙන්ම ලෝකයේම විශාලතම රන් ණය සපයන්නා වන්නේ මෙම සමාගමයි.