January, 25, 2016
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ලෝකයේ වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්ත අතර 13 වැනි තැනට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙහිදී 2015 වසරේ දී රට තුළට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්ෂව කොපමණ වැඩිවීමක් ද යන සංරචකය මත මෙම වාර්තාව පිළියෙල කර ඇත. ඒ අනුව 2015 වසරේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2.12 ක් පැමිණි තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 17.8% ක වර්ධනයක් ලෙසින් වාර්තා වේ.
මෙම වාර්තාවට අනුව පළමු තැන ලැබී ඇත්තේ පැරගුවේ රාජ්‍යයටයි. 2015 වසරේ දී එරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.28 දක්වා 97% කින් ඉහළ ගොස් ඇත.
අදාළ සංඛ්‍යාලේඛනවලට අනුව පළමු ස්ථාන 17 හිමිකරගත් රටවල් පහත දැක්වේ.
1. Paraguay (up 97 per cent to 1.28m)
2. Tajikistan (up 94 per cent to 414,000)
3. Niue (up 62.9 per cent to 10,000)
4. Japan (up 47.5 per cent to 20million)
5. Iceland (up 29.8 per cent to 1.3millon)
6. Bosnia and Herzegovina (up 28.2 per cent to 687,000)
7. Panama (up 22.4 per cent to 2.13million)
8. Thailand (up 22.3 per cent to 30.3million)
9. Chile (up 20.4 per cent to 4.5million)
10. Palau (up 19.2 per cent to 168,000)
11. Hungary (up 19.1 per cent to 14.5million)
12. Seychelles (up 18.7 per cent to 318,000)
13. Sri Lanka (up 17.8 per cent to 2.12million)
14. Cuba (up 17.3 per cent to 3.48million)
15. Colombia (up 17.2 per cent to 3million)
16. Oman (up 17 per cent to 1.78million)
17. Romania (up 16.9 per cent to 2.24million)
Video Story