January, 20, 2016
මේ වන ලොව ලොව සිටින ධනවත්ම පුද්ගලයින් 62 දෙනාගේ ධනය සෙසු ලෝක ජනගහනයට වඩා වැඩි බව ඔක්ස්ෆෑම් ජාත්‍යන්තරය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පසුගිය වසර 5ක කාලය තුළ දී ලෝක ධනයෙන් අඩකට හිමිකම් කියූ පුද්ගලයින් සංඛ්‍යාව 388 සිට 62 දක්වා අඩු වී ඇති බව එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
‘සියයට 1 ක් සඳහා ආර්ථිකයක්‘ (An Economy for the one percent) යනුවෙන් නම් තබා ඇති මෙම වාර්තාව තුළින් ගෝලීය වශයෙන් කාන්තාවන් දැඩි අසාමානතාවකට ලක්ව ඇති බව පෙන්වා දේ. එහි සඳහන් පරිදි ලොව අඩුම වැටුප් ලබන වැඩකරන ජනයාගෙන් බහුතරය කාන්තාවන් බව හෙළි වී ඇත.
මෙම වාර්තාවට අනුව ජාතික ආදායම ජනතාව අතර බෙදී යාමේ දී දැඩි අසමානතාවයක් දක්නට ලැබෙන බවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල හා සංවර්ධනය වූ සෑම රටකම පාහේ වැඩකරන ජනතාව වෙත ඔවුන්ගේ පංගුව බෙදීයාමේ දී මෙම අසමතුලබව ඇති වී තිබෙන බවත් සඳහන් වේ.
Video Story