August, 27, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් අරමුදල් පහසුකමට සමගාමීව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා සහාය දක්වනු ලබයි.
එම වැඩසටහන ද්වි වාර්ෂික වැඩසටහනක් වන අතර, එහි පළමු අදියර 2023 වර්ෂයේදී සාර්ථකව නිම කරනු ලැබ ඇත.
සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ රජයේ ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා විශේෂ හැර ගැනුම් හිමිකම් මිලියන 150.6ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට සමාන) මුදලක් ලබා දීමට ලෝක බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, එකී මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාළව ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.