ලෝක බැංකුව ලංකාව ගැන මෙසේ කියයි

    October, 23, 2024

    මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවාරයේ දී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති Martin Raiser සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අතර හමුවක් පවත්වා තිබේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන්, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි රැකියා උත්පාදනය සහ සියල්ල අන්තර්ගත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ලෝක බැංකු නියෝජිතයා අවධාරණය කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්විය.