ලෝක රන්මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 4000 සීමාව පසු කරයි

    October, 8, 2025

    ලෝක රන්මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 4000 සීමාව පසු කිරීමට සමත් වී ඇත. 

    එලෙස ලෝක රන්මිල ඉහල යාමත් සමග අද (08) උදෑසන වන විට මෙරට රන් මිල ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 6000/= ඉහළට ගොස් ඇති බවට වාර්තා වෙයි.

    ඒ අනුව මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 322,000ක් ලෙසයි.

    මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 296,000 ක් ලෙසින් ද නියම වී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates