ලෝක රන් මිල ඩොලර් 4,800 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයට පැමිණෙයි

    January, 21, 2026

    ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව මේ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වාර්තා වනුයේ ඩොලර් 4,843.67ක් ලෙසයි.

    ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.