January, 26, 2026
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (26) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.
ඒ අනුව අද උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල පෙර දිනයට සාපේක්ෂව රු. 12,000කින් ඉහළ ගොස් රු. 397,000ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 362,200 ක් ලෙසින් ද නියම වී ඇත.
Video Story