ලෝක වාහන වෙළෙඳපොළට වගකියන 14 දෙනා මෙන්න

    January, 30, 2017

    ඔබට අතිසුඛෝපභෝගී මෝටර් රථයක් මිල දී ගැනීමට අවශ්‍ය නම් මාදිලි ගණනාවක වෙළෙඳනාම ඔබ මතකයට එනු ඇත. ඒ අතුරින් අවුඩි, බුගාටි, බෙන්ට්ලි, පෝෂේ, වොල්ක්ස්වැගන් හා ලැබ්බෝගිනි යනාදි වශයෙන් තේරීම් ගණනාවකින්ම අතිසුඛෝපභෝගී මෝටර් රථයක් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත.

    කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද සියලුම මෝටර් රථ මාදිලි එකම සමාගමක් විසින් නිපදවන ඒවා බව ඔබ දන්නවාද? එනම් මේ මෙම සියලු මෝටර් රථ වල නිමැවුම්කරුවා වන්නේ ජර්මනියේ වොක්ස්වැගන් සමාගමයි.

    අද වන විට ලොව පුරා ධාවනයේ යෙදෙන වාහන සන්නාම 54 ක් සමාගම් 14 ක් විසින් නිපදවනු ලබන බව Business Insider සඟරාව පසුගිය දා අනාවරණය කරනු ලැබීය.

    පහත චිත්‍රණ සටහන එක් එක් මෝටර් රථ නිෂ්පාදන සමාගම් විසින් එළිදක්වනු ලබන මෝටර් රථ සන්නාමයන් දැක්වෙන අතර ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළ බලවතුන් කවුරුන්ද යන වග එමඟින් මනාව නිරූපණය වේ.