ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 4,500 ඉක්මවයි

    December, 24, 2025

    අද (24) උදෑසන වන විට ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ වන විට එය අමෙරිකානු ඩොලර් 4,521ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.

    මෙලෙස ලෝක රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ යමින් තිබේ.

    ඒ අනුව ඊයේ (23) දිනය අවසානයේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 325,600 ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක මිල රු. 352,000 ක් ලෙසත් සටහන්ව තිබුණි.