April, 7, 2014
ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය.
2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි. මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම සඳහා ඩොලර් 5,50,000 ක මුදලක් හිමිවේ.
මීට අමතරව, අවසන් පූර්ව තරගයට පැමිණ පරාජය වූ කණ්ඩායම් දෙක සඳහා ඩොලර් 275,000 ක් බැගින් හිමිවන බව සඳහන්ය.
මීට අමතරව, අවසන් වටයට පැමිණි කණ්ඩායම් දහය අතර පැවති තරග වලදී ලබාගත් සෑම ජයග්‍රහණයක් සඳහාම ඩොලර් 40,000 ක මුදලක් කණ්ඩායමකට හිමිවේ.
මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුම වශයෙන් ඩොලර් ලක්ෂ 11 ක ශූරතා ත්‍යාග මුදල සමග අවසාන වටයේ තරග ජයග්‍රහණ වෙනුවෙන් හිමිවන ඩොලර් 40,000 ක ත්‍යාග මුදල් කිහිපයක් හිමිවනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ ලංකාව ශූරයින් වුවහොත් කණ්ඩායම සඳහා ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදීමට තීන්දු කර තිබෙන බවයි.
මෙම මුදල් මෙම තරගාවලියෙන් ලැබෙන මුදල් වලින් මෙන්ම ක්‍රිකට් ආයතනයේ තැන්පතු මුදල් වලින් ගෙවනු ඇතැයි අපි මීට පෙර සඳහන් කළේය.
Video Story