ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මස 27 දා

    September, 26, 2016

    ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මස 27 දිනට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් 2016 වසර සදහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ "TOURISM FOR ALL PROMOTING ACCESSIBILITY TOURISM", " විශ්වී ප්‍රවේශයක් තුළින් සැමට සංචරණය" යන්නයි.

    මෙහි ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී සංචාරක හා ක්‍රිස්තියානි කටයුත අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය හා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන අතර විශේෂිත අවශ්‍යතා ඇති පුද්ගල පාර්ශවයන්ට ද සංචරණය අත් විදීමට හැකිවන පරිද්දෙන් සංචාරක පහසුකම් දියුණු කිරීම මෙහි ප්‍රධානතම අරමුණ වේ.

    මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සංචාරක කර්මාන්තය හා සම්බන්ධිත පාර්ශවයන් එක්ව සංචාරක විෂය සම්බන්ධ සමුළුවක් සැප්. 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.