January, 19, 2026
සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබි ඇති පැමිණිළි අනුව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP) හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇත.
බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විර්මශන අංශය වෙතද, පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි වාර්තා වී ඇත.
මෙවැනි වාංචනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලිසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතාවට දැනුම් දී ඇති අතර මෙවැනි අවස්ථාවලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට වැඩිදුරටත් ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත දන්වා සිටියි.
මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Video Story