October, 11, 2017
නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1,000/-කට නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම වේ.
වර්තමාන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම දඩය රුපියල් 100,000/-ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අදාළ කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
පොදු මහජන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන තැනැත්තන් සත්‍යවාදීව, අවංකව සහ පාරදෘශ්‍යභාවයකින් යුතුව කටයුතු කළ යුතු වේ. 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව, එවැනි තැනැත්තන් විසින් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව තමන් සතුව පවතින වත්කම් හා බැරකම් කාලීනව ප්‍රකාශයට පත් කළ යුතු අතර, එම නීතිය අදාළ වන තැනැත්තෙකුට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහාද එමඟින් විධිවිධාන සලසනු ලැබ තිබේ.
Video Story