වත්තල හේමාස් රෝහලෙන් ස්ථුලතාව පාලනයට නවීනතම ප්‍රතිකාර රැසක් සපිරි අංගසම්පූර්ණ සායනයක්

    May, 5, 2016

    උසට සරිලන ලෙස සිරුරේ බර පවත්වා නොගැනීමෙන් දිගු කාලීනව සෞඛ්‍ය ගැටලූ රැසක් ඇතිවන බව වෛද්‍ය පිළිගැනීම වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සඟරාව සඳහන් කරන ආකාරයට මෙරට කාන්තාවන්ගෙන් 36.5% ක් සහ පුරුෂයින්ගෙන් 20% ක් ස්ථුලතාවයෙන් පෙළෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව දේහ ස්කන්්ධ පරිමාව ඒකක 35ට වැඩි තත්වයක් ස්ථුලතාව හෙවත් අධික තරබාරුකමක් ලෙස පිළිගැනේ. ශ්‍රී ලාංකිකයින්ගෙන් සැලකියයුතු ප්‍රතිශතයක් පීඩා විඳින මෙම ගැටලූව පිළිබඳව මනා අවබෝධයක් සහිත වත්තල හේමාස් රෝහල මෙම තත්වයෙන් පීඩා විඳින විශාල පිරිසකට සහනයක් ගෙන දෙමින් සිරුරේ බර කළමනාකරණය කරගැනීමේ ස්ථුලතා පාලන සායනය (Weight loss clinic) නොබෝදා අරඹන ලදි. දිනපතා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ක්‍රියාත්මක වන හේමාස් ස්ථුලතා පාලනය සායනය සඳහා ලියාපදිංචි වීමට රෝගීන්ට අවස්ථාව ඇති බව වත්තල හේමාස් රෝහල නිවේදනය කර සිටී. මෙම සායනය ඉන්දියාවේ චෙන්නායි හි ඇපලෝ නෝවා රෝහලේ බැරියැට්‍රික් සැත්තම් අංශයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නේහා ෂා මහත්මියගේ සහ වත්තල හේමාස් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් වන බුවනේන්ද්‍රන් ආදවන් සහ සුමුදු කුමාරගේ යන වෛද්‍යවරුන් ගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම මත ක්‍රියාත්මක වේ.

    ආහාර පාලනය සහ ව්‍යායාමයන්ට අමතරව ශරීරයේ ස්ථුලතාව පාලනය කර ගැනීම සඳහා පවතින සාර්ථක සායනික ප්‍රතිකර්මයක් වන බැරියැට්‍රික් සැත්කම ශ්‍රී ලංකාවට අලූත් අත්දැකීමක් වූ නිසාම චෙන්නායි හි ඇපලෝ නෝවා රෝහලේ බැරියැට්‍රික් සැත්කම් අංශයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නේහා ෂා මහත්මිය හේමාස් ස්ථුලතා පාලන සායනය හා සම්බන්ධ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහාත්, බැරියැට්‍රික් සැත්කම් කිහිපයක් සඳහාත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

    ශරීරයේ අධික තරබාරු තත්වය රෝග ගණනාවකට හේතුවන බව වෛද්‍ය මතය වී තිබේ. ඒ අතුරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාව ඉදිමීම, අධික කොලෙස්ටරෝල් තත්වය, නින්ද නොයෑම, අස්ථී හා සන්ධි ආශ්‍රිත ආබාධ, ඩිම්බ සහ මඳ සරුබවට අදාළ රෝග තත්වයන් ප්‍රධාන තැනක් ගනී. මීට අමරව ස්ථුලතාවයෙන් පෙළෙන්නන් හට පිළිකා සහ ආඝාත ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් සහිත බව වෛද්‍ය නිගමනයයි.

    වත්තල හේමාස් රෝහලේ ස්ථාපිථ කර ඇති ස්ථුලතා පාලන සායනය සිරුරේ බර ක්‍රමානූකූලව පාලනය කර ගැනීම සඳහා සායනික ප්‍රතිකර්මයක් රැසක් හඳුන්වා දී ඇත. ශරීරයේ බර පාලනය සහ කළමනාකරණය දින කිහිපයකින් සිදුකර ගත නොහැකි අතර ඒ සඳහා මනා ශිඬණයක් මෙන්ම කැපවීමක් රෝගියාගෙන්ද හිමි විය යුතුවෙයි. ඇතැම් රෝගීනට ආහාර පාලනයෙන් පමණක් සිරුරේ බර කළමනාකරණය කර ගත හැකි අතර ඇතැම් රෝගීන්ට ආහාර පාලනය සහ ව්‍යායාමයන්ට අමතරව බැරියැට්‍රික් ශල්‍යකර්මයද වෛද්‍ය උපදෙස්වලට අනුකූලව සිදුකළ යුතුවේ. බැරියැටි්‍රක් ශල්‍යකර්මය ඉතා ආරක්ෂාකාරී මෙන්ම අවම කැපුමක් සහිතව සිදුකෙරෙන සැත්කමක් වන අතර රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මෙම සැත්කම සිදුවෙයි. රෝගියාගේ අතීත රෝගී තත්වයන් පිළිබඳව මනා අධ්‍යයනයකින් අනතුරුව බැරියැට්‍රික් සැත්කමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරයා විසින් නිගමනය කළ පසුව සිදුකළ යුතු සැත්කමේ ස්වභාවය ශල්‍ය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

    වත්තල හේමාස් රෝහලේ අභිනවයෙන් පිහිටුවන ලද ස්ථුලතා පාලන සායනය පිළිබඳව අදහස් දක්වන වත්තල හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා “ශ්‍රී ලාංකිකයින්ගේ සුවසේවා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගනිමින් එම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ACHSI ප්‍රමිතිරණය සහිත ජාත්‍යන්තර තත්වයේ සුවසේවා විසඳුම් ලබා දීමට නිරන්තරව කැපවී සිටින හේමාස් රෝහල් සමූහය අභිනවයෙන් වත්තල හේමාස් රෝහලේ පිහිටුවන ලද ස්ථුලතා පාලන පියස තුළින්ද විශිෂ්ට සුවසේවාවක් සඳහා වූ කැපවීම යළිත් අවධාරණය කිරීමට සමත් වී සිටිනවා. ස්ථුලතාව අපට නොපෙනෙන සැඟවුනු විනාශයක් ශ්‍රී ලාංකිකයින්ට කළ හැකි බව බොහෝ දෙනා අවබෝධ කර ගෙන සිටින බැවින් මේ තත්වයෙන් මිදෙන්නට රෝගීන් වෙනුවෙන් ලබා දිය හැකි විශිෂ්ටතම ප්‍රතිකාරයන් ලබා දෙන ගම්පහ දිස්ත්‍රික්කයේ එකම පුද්ගලික රෝහල බවට අප පත්ව සිටිනවා. එමෙන්ම මෙම ක්ෂේත්‍රයේ වෛද්‍ය දැනුම පුළුල් කිරීමට මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන නේහා ෂා මහත්මිය ගේ සහාය සහ අධිඬණය ලබා ගන්නටත් අපට හැකිව තිඛෙනවා. ඇයගේ සහාය මෙම සායනයේ සාර්ථකත්වයට මෙන්ම ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාවගේ කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කිරීමට අපගේ ඇති උනන්දුව පිළිබිඹු වන අවස්ථාවක් බව පෙන්වා දිය හැකියි“, යනුවෙන් පැවසීය.