November, 10, 2016
ප්‍රාද්ශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යවරයා විසින් සිය අයවැය කතාවේ දී අනාවරණය කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ රජය සතුව පැවති වතු සමාගම් පුද්ගලික අංශයට පවරා වසර 25 කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒවායේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි.
මෙම පියවර හරහා වතු සමාගම්වල සේවකයින් හට රැකියා අහිමි වීමේ අවදානමකට ලක්වීමක් සිදු නොවන බවද මුදල් අමත්‍යවරයා මෙහිදී පැවසීය.