වරාය නගර ගිවිසුම සමාලෝචනයට කමිටුවක්

    October, 8, 2015

    කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමට රජය සූදානම් වේ.

    අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ සියළුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන් සමන්විත මෙවැනි කමිටුවක් පත්කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා කර ඇත.

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ගිවිසුමේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට රජය විසින් මේ වනවිටත් අවසර ලබාදී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates