March, 24, 2025
වල්ලපට්ට වැනි විවිධ ගස් වර්ග වගාකිරීම සඳහා මුදල් ආයෝජනය කර විශාල වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බවට පවසමින් සිදු කරනු ලබන ප්‍රචාරයන්ට හසුවීමෙන් ජනතාව තමන් සතු මුදල් විනාශ කර ගැනීමේ ප්‍රවණතාවයක් සමාජය තුළ දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව තුළ සාක්ෂරතාවයක් නොමැති වීම මෙවැනි වංචාවන්ට ඔවුන්ව හසු වීමට මූලිකම හේතුව වී ඇති බවයි.
තව ද එවැනි කටයුත්තක් සඳහා මුදල් ආයෝජනය කරන ලෙස කිසියම් පුද්ගලයෙකු යෝජනාවක් ගෙන එන්නේ නම් ප්‍රථමයෙන් එවැනි ආයෝජනයක් තුළින් එතරම් ප්‍රතිලාභයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව ද අධිපත්වරයා පවසා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
"විශේෂයෙන් අපි දකිනවා එක එක කාලෙට ඔය ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පල කරනවා මේක ඩිස්කවුන්ට් දෙනවා. මේක කරොත් මේ දේ ලබා දෙනවා. email වලින් පණිවිඩ එනවා. ඊට අමතරව අපි දැන් අලුත්ම ප්‍රවණතාවයක් දැකලා තියනවා මේ එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා ආයෝජන වලට. ඒ සඳහා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපි දකින දෙයක් විශේෂයෙන් ඔය අපි කියනවා විශාල වශයෙන් අපි වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙනවා ගස් වැව්වොත්, ආයෝජනය කරෝත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පේර වගා කරොත් ලැබෙනවා. පලතුරු වගා කරොත් ලැබෙනවා නැත්නම් වල්ලපට්ට වගා කරොත් ලැබෙනවා කියලා. ජනතාවගේ සාක්ෂරතාව අඩු වීම යම්කිසි නීතියේ තියන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබ ලග ඇති මුදල් වංචාසහගතව තමන්ට ලබා ගෙන පිරමීඩ ආකාරයට හෝ අනවසර තැන්පතු ආකාරයට ලබා ගෙන මුදල් නැති වීමේ ප්‍රවණතාවයක් තියනවා. ඒක නිසා හැමතිස්සෙම බලන්න ඕන කෙනෙක් ඇවිල්ලා ආයෝජනයක් සඳහා වගා කරන්න මුදල් ඉල්ලනවනම් පලවෙනි ප්‍රශ්නේ අහන්න ඕන, කෙහොම ද ඒ වගාවෙන් ඒ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා දෙන්නේ කියන එක. "
Video Story