වවුනතිව් හි අස්වනු මංගල්‍යයක් සමඟ කොමර්ෂල් බැංකුව කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සමරයි

    September, 2, 2025

    පරිවර්තනීය නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ භාවිතයන් අනුගමනය කිරීම බලගැන්වීම අරමුණු කරගත් මුලපිරීමක් වන කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ නවතම සාර්ථකත්වය අත්විඳිමින්, බැංකුව මෑතකදී මඩකලපුවේ වවුනතිව් හි පැවති විචිත්‍රවත් අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී විය.

    ගමින් ගමට යන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික දැනුම සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ඒකාබද්ධ කර ගොවීන්ගේ ඵලදායීතාව හා තිරසාරභාවය වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාර කිරීමයි. අධ්‍යන අංශයේ හා කෘෂිකාර්මික අංශයේ විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන හරහා උසස් ශිල්පීය උපක්‍රම පිළිබඳ දැනුමෙන් ගොවීන් සන්නද්ධ කරයි. එහිදී තිරසාර වාරිමාර්ග ක්‍රම, බද්ධ කිරීමේ යන්ත්‍රෝපකරණ සහ දේශගුණයට ඔරොත්තු දෙන භෝග ප්‍රභේද පිළිබඳව දැනුම ලබා දෙන අතර ඒ හරහා සම්පත් කාර්යක්ෂමතාව සහ පාරිසරික වශයෙන් වගකිවයුතු පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් කෘෂිකාර්මික වටිනාකම් දාමය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහභාගීත්වය ශක්තිමත් කරයි.

    ‘පොත්කතීර්’ ලෙස නම් කරන ලද වවුනතිව් උත්සවය ආරම්භ වූයේ සාම්ප්‍රදායික දෙමළ සංස්කෘතික පෙරහරක් සමඟින් වගා බිමට පැමිණිමෙනි. පසුව සාම්ප්‍රදායික සිරිතට අනුව සම්භාවනීය අමුත්තන් විසින් අස්වනු නෙලීමෙන් අනතුරුව දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදුකළ අතර බැංකුවේ මෙම වැඩසටහන හරහා හඳුන්වා දුන් නවීන අස්වනු නෙලීමේ ශිල්පීය ක්‍රම නිරූපණය කිරීම ද එහිදී සිදු විය.

    මෙම උත්සවයේ දී කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ උපකරණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුන අතර බැංකුව විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට විශේෂ ත්‍යාගයන් දෙකක්, එනම් හේලීස් සෝලා සමඟ හවුල්කාරීත්වයෙන් පරිත්‍යාග කරන ලද සූර්ය බලශක්තියෙන් ක්‍රියාකරන ක්ෂුද්‍ර වාරිමාර්ග පද්ධතිය සහ පීඨයේ හරිතාගාරයේ ඇති පොහොර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම සඳහා ද්‍රව්‍යමය දායකත්වය ද සපයන ලදී.

    වවුනතිව් ව්‍යාපෘතිය කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ දෙවන අදියර වේ. කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන පසුගිය වසරේ දී ද යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ සහයෝගයෙන් කිලිනොච්චියේදී දියත් කරන ලදී.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන  CBC  ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: වවුනතිව් හි අස්වනු නෙලීමේ උත්සවයේ විශේෂ අවස්ථා