October, 17, 2025
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2025 ඔක්තෝබර් 15 දින දක්වා මෙටට පැමිණ තිබෙන සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ 2025 ඔක්තෝබර් මාසයේ මුල් දින 15 තුළ දී සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඒ සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 396,274ක්, එක්සත් රාජධානියෙන් 167,886ක්, රුසියාවෙන් 125,950ක්, ජර්මනියෙන් 111,677ක් සහ චීනයෙන් 108,040ක් ලෙසින් ලක්ෂයක් ඉක්මවා මෙරටට සංචාරකයින් පැමිණි ප්‍රධාන මූලාශ්‍රයන් වේ.



Video Story