වසර විසි දෙකක විශිෂ්ටත්වය වෙනුවෙන් සියළුම අන්තර්ජාල මිලදීගැනීම් සඳහා Rough T-Shirts පාරිභෝගිකයින් හට 22% ක වට්ටමක්

    August, 24, 2020

    Rough ටී ෂර්ට් සන්නාමය, ඇඟලුම් ක්ෂේත්‍රයෙහි සිය සාර්ථක විසි දෙවැනි සංවත්සරය මෙම වසරෙහිදී සනිටුහන් කරන්නට යෙදිණි. එහිදී ඔවුන්ගේ ඊ- වාණිජ්‍යය සහ වෙළඳපොල ප්‍රවේශයන් ඉහළ නැංවීමත්, අගෝස්තු විසි දෙවැනි දා සිට තිස් වනදා තෙක්, අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන සියළුම මිලදී ගැනීම් සඳහා පාරිභෝගිකයන් හට 22% ක වට්ටමක් ලබා දීමට කටයුතු කිරීමත් වෙසෙසින්ම සඳහන් කළයුතුය.

    Rough T-Shirts හි අලෙවි අංශ ප්‍රධානියා සමඟ අප කළ සාකච්ඡාවෙහිදී ඔහු පවසා සිටියේ, “ අප හා රැඳී සිටීම සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයින් හට ස්තුතිවන්න වන අතරම, ඔවුන් වෙත සාඩම්බරයෙන් පවසා සිටින්නේ Rough T-Shirts නවතමයෙන් සැබෑ ජීවන රටාවකට ඔබින විලාසිතා සන්නාමයක් නිර්මාණය කිරීමෙහි ලා කැපවී සිටින බවයි. අදටත් අපගේ පාරිභෝගිකයන් අපගේ ඇඟළුම් කෙරෙහි විශ්වාසය තබා සිටින්නේ නිති පතා භාවිතා කිරීමේදී  සහ දිනපතා සේදීමෙහිදී වර්ණයන් අවපැහැ නොගැන්වෙන හෝ දිගු කලක් ඔරොත්තු දෙන, හැකිළීමකින් තොර වන නවීනතම මෝස්තර වලින් යුත් ඇඟළුම් ලෙසයි. මෙය අප සතු මූලිකම ශක්තියක් වන අතර දිනෙන් දින අපගේ නිෂ්පාදන වලට වටිනාකමක් එක් කරමින් , අප විසින් අනුගමනය කරනු ලබන ගෝලීය ප්‍රමිතීන්ට කදිම සාක්ෂියකි.”

    “Rough” යනු ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියෙකු වන අතර එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නවීන විලාසිතානුකූල, සුවපහසු එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් ටී ෂර්ට් ගෝලීය වෙළෙඳපොළ සඳහා නිර්මාණය කිරීමේ ශක්‍යතාව ප්‍රගුණ කර ඇත. පසුගිය වසර 22 තුළ වඩාත් උසස් තත්ත්වයේ ටී-ෂර්ට් නිෂ්පාදනය කිරීම සඳහා අපහට අනර්ඝ තත්ත්වයේ නූල් භාවිතා කිරීම මෙන්ම ලොව ප්‍රසිද්ධ “ජෛව සේදුම්” ක්‍රියාවලියද ඉවහල් වන ලදී. “Rough”  යනු AMAZON සමාගමෙහි ඇදුම් සඳහා වන නිල නිෂ්පාදකයෙකු ද වන අතර එය රටවල් 40 කට අධික සංඛ්‍යාවක් පුරාවට අලෙවි ජාලයක විහිදී ඇත. එමෙන්ම නුදුරේදීම ඔවුන් එහි නවතම කාන්තා ඇඳුම් එකතුව හඳුන්වා දීමටද සූදානම් කොට ඇත.