ව්‍යාපාර කිරීමට හිතකර පරිසරයක් සඳහා රජයෙන් ඉක්මන් ප්‍රතිචාර – මුදල් ඇමති අයවැය කතාවේ දී කියයි

    November, 10, 2016

    පැවතිය හැකි බාධක ඉවත් කිරීම තුළින් ව්‍යාපාර කිරීම සඳහා හිතකර හා පහසු පරිසරයක් ඇති කිරීම පිණිස නෛතික හා ආයතනික සහයෝගය සැලසීම සඳහා රජය විසින් ඉක්මන් ප්‍රතිචාර දක්වන්න පහසුකම් සලසනු ඇති බවට මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කරමින් අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් සිය අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල රජය ප්‍රමුඛ ලෙස මැදිහත්වනවා වෙනුවට රජය - පුද්ගලික අංශ හවුල්කාරීත්වය තුළින් ඒවා කිරීමට කටයුතු කරනු ලැබේ.“

    “ලෝක ආර්ථික වර්ධනයෙන් 1/3 කට වඩා දායකත්වය සපයන ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව වැනි වෙළෙඳපොළවල් සමඟ මධ්‍යකාලීනව සම්බන්ධ වීමේ ඉහළ හැකියාවක් සහිතව අපේ ආසියානු සංවර්ධන ක්‍රියාවලිය කේන්ද්‍රගතව සිටිනවා. මෙවැනි වෙළෙඳපොළවලට සක්‍රීයව ප්‍රවේශවීමට කටයුතු කරනවා.“