වාණිජමය මගී සේවා සඳහා මඩකළපුව ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ

    December, 11, 2015

    මඩකළපුව ගුවන්තොටුපළේ ගුවන් යානා පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අරඹා ඇති ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ සඳහා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය යටතේ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමට අමතරව ගුවන්යානා ධාවන පථය, ගුවන් යානා බැහැරුම් පථය සහ ගගන යාත්‍රාංගණය අලුත්වැඩියා කිරීම සඳහා පියවර ගැනෙනු ඇත.

    මඩකළපුව ගුවන්තොටුපළ වාණිජමය මගී සේවා සඳහා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ.