July, 27, 2016
රජයේ ඉඩම් ආඥාපනත යටතේ වසර තිහක (30) කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමේදී ප්‍රධාන තක්සේරුකරු වෙතින් ලබා ගනු ලබන වෙළෙඳපොළ වටිනාකම පදනම් කරගනිමින් වාර්ෂික බදු මුදල ගණනය කරනු ලබන අතර සෑම වර්ෂ (05) පහකට වරක් එම බදු මුදල 50% කින් ඉහළ නංවනු ලැබේ.
මෙහිදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුව රජයේ ඉඩම් වාණිජ ව්‍යාපාර සඳහා බදු දීමේදී අයකරනු ලබන බදු වටිනාකම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විශේෂයෙන්ම මහවැලි බල ප්‍රදේශ තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජයේ ඉඩම් වාණිජ ව්‍යාපාර සඳහා බදු දීමේදී සහනදායී ක්‍රමවේදයක් මත පදනම්ව අදාළ බදු මුදල් අය කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.