වාණිජ දේපළවල ආයෝජනයෙන් වසරකට 10% ක ප්‍රතිලාභයක් – කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ රවී අබේසූරිය කියයි

    October, 26, 2015

    ශ්‍රී ලංකාව තුළ ඇති වාණිජ දේපළවල ආයෝජනය ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ රවී අබේසූරිය මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දීය.

    ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ වාණිජ දේපළවල ආයෝජනය තුළින්, බදුකුලී පදනම මත වාර්ෂිකව 10% ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකි බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජනතාව මෙම ආයෝජන අවස්ථාව උකහා ගැනීම සම්බන්ධයෙන් තවමත් දක්වන්නේ මන්දගාමී උනන්දුවක් බව ඔහු සඳහන් කළේය.