March, 31, 2026
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකු සිය තැන්පතු වගකීම් මත සංචිත පවත්වා ගත යුතු වේ. මහ බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඔවුන්ගේ වගකීම්වලින් 2%ක ප්‍රමාණයක සංචිත අවශ්‍යතාවක් පවත්වා ගත යුතුය.
තවද තැන්පතු වගකීම් මත වාණිජ බැංකුවක් විසින් පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාව රුපියල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ තැබිය යුතුවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්පාදිත සංචිත අවශ්‍යතා සඳහා වන 2026 අංක 01 දරන රීති යටතේ අවශ්‍ය සංචිත ගණනය කිරීම හා පවත්වා ගැනීම, අධ්‍යක්ෂවරයා විසින් එම අවශ්‍යතාව සඳහා නිකුත් කරනු ලබන මෙහෙයුම් උපදෙස්වල සඳහන් පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් වාර්ෂික සංචිත පවත්වා ගෙන යෑමේ කාලසටහනට අනුකූලව සිදුකරනු ලැබිය යුතුය.
මෙම රීති යටතේ සංචිත අවශ්‍යතාව ගණනය කිරීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කාසි හා නෝට්ටු වශයෙන් පවත්වා ගෙන යනු ලබන මුදල්වලින් කොටසක් සංචිත ලෙස ඇතුළත් කිරීමට මහ බැංකුව විසින් පෙර ලබා දී තිබූ පහසුකම අදියර දෙකකින් ඉවත් කර ඇත.
එහිදී පළමු අදියර යටතේ හෙට (2026 අප්‍රේල් 01) දින ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල සීමාවේ සිට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම් සාමාන්‍යයෙන් 2% ඉක්මවන නමුත්, 2.5% ප්‍රමාණයක් ඉක්මවා නොයන පරිදි සංචිත අවශ්‍යතාවයෙහි කොටසක් ලෙස කාසි හා නෝට්ටු වශයෙන් පවත්වා ගෙන යා හැකි වනු ඇත. ඒ අනුව එම 2% ප්‍රමාණයට ඉහළින් පවත්වාගෙන යන ප්‍රමාණයෙන් 0.5% දක්වා වූ ප්‍රමාණය පමණක් සංචිත අවශ්‍යතාවයෙහි කොටසක් ලෙස පිළිගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර මෙහි දෙවන අදියර යටතේ 2026 සැප්තැම්බර් 30 දින ආරම්භ වන සංචිත පවත්වා ගැනීමේ කාල සීමාවේ සිට කාසි හා මුදල් නෝට්ටු, සංචිත අවශ්‍යතාවයෙහි කොටසක් ලෙස පවත්වාගෙන යෑමට බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ලබා දී ඇති පහසුකම සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන අතර, එදිනට පසු එවැනි අකාරයෙන් පවත්වා ගන්නා කිසිදු මුදලක් සංචිත අවශ්‍යතාව සපුරාලීම සඳහා සැලකිල්ලට නොගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුටරත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැක්වේ.



Video Story