June, 2, 2017
මෙරට ජනප්‍රියතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන MBRK පසුගියදා නව තාලයේ ප්‍රවර්ධන තරග වැඩසටහනක් දියත් කළේය. එහිදී MBRK නිෂ්පාදන මිලදී ගත් ළබැඳි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ කුසපත් ඇදීමේ තරගයක් පැවැත්වුණු අතර ඉන් තෝරාගත් ජයග්‍රාහකයින් හයදෙනෙකු වෙත විශේෂයෙන්ම යෞවනයින්ගේ කැමැත්ත දිනාගත් MacBook පරිගණක පිරිනැමීම සිදුවිය. ඊට අමතරව තවත් ජයග්‍රාහකයින් 20 දෙනෙකුට උසස් තත්ත්වයේ අත් ඔරලෝසු ද පිරිනැමිණ. ඔවුන් සියලුදෙනා මෙම ත්‍යාග ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුවේ රුපියල් 2500ට වැඩි වටිනාකමකින් යුත් MBRK නිෂ්පාදන මිලදීගැනීමෙනි.
“NOLIMIT ආයතනය සමඟ මගේ සම්බන්ධයට දැන් අවුරුදු විස්සකටත් වැඩියි. NOLIMT වගේම Glitz වෙතත් මම නිතරම යන එන පාරිභෝගිකයෙක්” යනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වූ ස්ටෙෆාන් රොද්‍රිගෝ මහතා පැවසීය.
තවත් MacBook ජයග්‍රාහකයෙකු වූ ෂෙහාන් ස්ලෙමර්මන් මෙසේ අදහස් දැක්වීය. “මම NOLIMIT ආයතනය වෙත පැමිණියේ මගේ උපාධි ප්රදානෝත්සවය සඳහා කමිසයක් මිලදීගන්නයි. අවසානයේදී මට MacBook පරිගණකයකුත් දිනාගන්න අවස්ථාව ලැබුණා”.
විලාසිතා ලෝකය තුළ වැදගත් පාරිභෝගික කාණ්ඩයක් ලෙස සැලකෙන උසස් තේරීමක් සහිත පිරිමි පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් MBRK විලාසිතා සන්නාමය එළිදැක්වීම පිළිබඳ අදහස් දක්වමින් NOLIMIT ආයතනයේ අලෙවි කළමනාකරු රනීස් ෂෙරිෆ් මහතා මෙසේ පැවසීය. “විලාසිතා ඇඟලුම් නිෂ්පාදනයේත් අලෙවියේත් දශක දෙකකට වැඩි අත්දැකීම් අප සතුයි. එමනිසා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් සපයන හා වෘත්තීකයින් බලාපොරොත්තුවන ප්‍රමිතිය ඔස්සේ අලුත් පාරිභෝගික පිරිසක් වෙත සමීප වීමටත් මෙම MBRK ප්‍රවර්ධන වැඩසටහන උපකාරී වුණා. විශේෂයෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉහළ වටිනාකමකින් යුත් ඇඳුම් පැළඳුම් තමන්ගේ සාර්ථකත්වයේ ගමනට දායක කරගැනීමට මේවන විට වැඩි උනන්දුවක් දක්වන වටපිටාවක් තුළ MBRK ඔවුන්ගේ ප්‍රියතම තේරීම වන බව අපට විශ්වාසයි”.
සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා ඇඳුම් පැළඳුම්වල වටිනාකම දන්නා සහ සේවා ස්ථානය තුළ කැපීපෙනෙන ඇඳුම් පැළඳුම් භාවිතය පිළිබඳ අවබෝධය සහිත වෘත්තීකයන් අතර MBRK දැනටමත් ප්‍රචලිත සන්නාමයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම්වල මිල යන සාධකයට වඩා ඒවායේ ප්‍රමිතිය සහ ආයතනික පරිසරය තුළ ඉන් තමන්ට ලැබෙන ආලෝකය පිළිබඳ වටහාගත් එනම් සමාගම් පරිසරය තුළ ඉලක්කගත සිහින සහ දිගු දුර දකින විධායක ශ්‍රේණියේ නියුතු වූවන් සඳහා සුවිශේෂී වෘත්තීමය ස්වභාවයක් ආරෝපණය කිරීමට ද MBRK නිෂ්පාදන සමත් ය.
MBRK වෙතින් stylish formal, smart formal, urban, casual සහ club wear යනාදී ලෙස පුළුල් විවිධත්වයකින් යුත් ඇඳුම් මෙන්ම ඊටම ගැලපෙන වෙනත් පැළඳුම් රැසක් ද හඳුන්වා දී තිබේ. කැමැති වර්ණ සහ රටාවන්ගෙන් මෙන්ම regular/ slim fit, සාමාන්‍ය /double cuffs ලෙස MBRK කමිස මිලදීගත හැක. ඊජිප්තු ගීසා කපු රෙදිවලින් නිමවෙන හා උසස් තත්ත්වයේ මැස්මකින් යුත් MBRK premium විලාසිතා එකතුව වැඩි සවිමත් බවකින් කල් පැවැත්මකින් යුක්ත අතර හානිවීමේ අවදානම ද අඩු ය.
රට පුරා විහිදුණු ප්රදර්ශනාගාර 20කින් සමන්විත NOLIMIT යනු ශ්‍රී ලංකාවේ විශාලතම විලාසිතා ප්රදර්ශනාගාර ජාලය වේ. 1992 වසරේදී සමාගමේ ආරම්භයේ පටන් මේ දක්වා දෙස් විදෙස් සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබීමට NOLIMIT සමත්ව තිබේ. MBRK නිෂ්පාදන NOLIMT සහ Glitz ප්රදර්ශනාගාරවලදී ලබාගත හැක.
සේයා රූ: MacBook පරිගණක ජයග්‍රාහකයින් 6දෙනා සහ අත් ඔරලෝසු ජයග්‍රාහකයින් 20 දෙනා.
Video Story