වාහනයේ නිෂ්පාදකයා විසින් සපයන ටයර් සඳහා දේශීය වෙළඳපලෙහි සියැට්හි කොටස 90% ඉක්මවයි

    April, 8, 2025

    ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර  හයක  කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ.

    දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන  සන්නාම 11ක් සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස භාවිත වේ. ඒ අතරට SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වන බව සමාගම පවසයි.

    මෙම ටයර් බොහොමයක් නිර්මාණය කර ඇත්තේ වාහන නිෂ්පාදකයින්ගේ ම පිරිවිතරයන්ට අනුකූල වන ආකාරයටයි. ශ්‍රී ලංකාවේ එකලස් කරන බස් රථ මාදිලි 16ක් සහ යතුරුපැදි මාදිලි පහක් ද ඇතුළුව වාහන මාදිලි 30 ක් සඳහා සියැට් ටයර් සවි කරනු ලැබේ.

    සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000 කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් සියයට 90 කටත් වඩා ආවරණය කරයි. දේශීය වෙළඳපලේ අලෙවි වන මුලු සියැට් ටයර් සංඛ්‍යාවෙන් සියයට 12ක් ම OE අංශයට සැපයේ.

    නිෂ්පාදන වල ගුණාත්මකභාවය සහ කාර්ය සාධනය පිළිබඳව මෝටර් රථ නිෂ්පාදකයින්ගේ විශ්වාසය මත ඇතිකරගත් OEM හවුල්කාරීත්වයන් සියලුම ටයර් භාවිත කරන්නන්හට අතිශයින් ම වැදගත් වනවා,” යනුවෙන් සියැට් කැලණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. මෙම හවුල්කාරීත්වයන් පදනම් වී ඇත්තේ අපගේ ටයර් පිළිබඳ විශේෂඥයින් විසින් කරන ලද දැඩි ඇගයීම් මත වන අතර සෑම වර්ගයකම වාහනවල තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමට සියැට් සතු හැකියාව මතයි.

    OEM ව්‍යාපෘති හරහා සියැට් තම නිෂ්පාදන හැකියාවන් වැඩිදියුණු කර ගන්නා අතර ගෝලීය තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල සහ දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන සකස් කරන බව ඔහු තවදුරටත් පැවසීය.

    නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස සියැට් ටයර් තෝරාගෙන ඇති ශ්‍රී ලංකාවේ මෝටර් රථ සන්නාම අතර හියුන්ඩේ, JAC, JMC, DFSK, මහින්ද්‍රා, මයික්‍රො, ටාටා, ලංකා අශෝක් ලේලන්ඩ්, TVS, බජාජ්, හා ඩයිනෝ ඇතුලත් වේ.

    සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉංඡනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කිරීමට අමතරව, සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැලණි සමාගම ඉටු කරනු ලබයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි.