January, 12, 2026
වාහන අලෙවියේ වසර 50 කට වැඩි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයතම මෝටර් රථ අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, ජාතියේ පහන් ටැඹ ලෙස හැඳින්වෙන ලංකා බැංකුව (BOC) සමඟ එක්ව, පාරිභෝගික පහසුව මූලික කරගනිමින් නිර්මාණය කරන ලද “අත්වැල” නමින් වූ විශේෂ වැඩසටහනක් පසුගියදා හඳුන්වා දෙන ලදී.
පාරිභෝගිකයින් මුහුණ දෙන මූල්‍ය අභියෝග සහ මෝටර් වාහනමිලදී ගැනීම හා සේවා ගැටලු සරල කරමින්, ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම අරමුණු කරගත් මෙම “අත්වැල” මානුෂීය සංකල්පය, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම දශක ගණනාවක් පුරා විශිෂ්ට සේවාවක් සපයමින් පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගත් විශ්වාසනීය සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සමඟ අත්වැල් බැඳගන්නා ලංකා බැංකුව (BOC), ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන අතර, දිවයින පුරා පැතිරුණු විශාල ශාඛා ජාලයක්, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ වෙළෙඳපොළේ හොඳම පොලී අනුපාත ලබාදෙන මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වේ.
“අත්වැල” සංකල්පය යටතේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙත පැමිණෙන පාරිභෝගිකයින් හට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවන අතර, ඒ අතර සේවා ගාස්තු රහිත පහසුකම්, මෝටර් රථ සඳහා විශේෂ දීමනා, අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම් ඇතුළත් වේ. එමෙන්ම, මෝටර් රථ නඩත්තු කටයුතු අන් කවරදාටත් වඩා පහසු කර ගැනීම සඳහා, ලංකා බැංකුව (BOC) විසින් සපයන සුවිශේෂී මූල්‍ය සහය ලබා ගැනීමටද පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සහ ලංකා බැංකුව (BOC) අතර මෙම සහයෝගීතාව, ආයතන දෙකටම පොදු වූ දැක්මක් යථාර්ථයට පරිවර්තනය කරන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර, විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදවලදී, සාමාන්‍ය පාරිභෝගික සේවාවෙන් ඔබ්බට ගොස්, පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය හිතවතෙකු සහ හවුල්කරුවෙකු ලෙස ඔවුන්ට සවිය වීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සතු පුළුල් අත්දැකීම් සහ උසස් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, ලංකා බැංකුවේ (BOC) ශක්තිමත් මූල්‍ය පදනම සහ පහසු ප්‍රවේශය සමඟ එක්ව, නිර්මාණය කළ “අත්වැල” වැඩසටහන, පාරිභෝගිකයන්ගේ ජීවිතවලට අර්ථවත් පහසුවක් එක් කරනු ඇති බවට එම ආයතන විශ්වාසය පළ කරයි.
මෙහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා සඳහන් කළේ,
“අද අප සඳහා ඉතාමත් විශේෂිත දිනයක්. වසර පහක් දශකයකට වැඩි කාලයක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම ලෙස, ලංකාවේ විශාලතම බැංකුව සමඟ ‘අත්වැල’ නමින් ගිවිසුමකට එළඹීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් ඇතුළු විවිධ මූල්‍ය සහ සේවා පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. කුඩාම වාහනයේ සිට විශාලම වාහනය දක්වා ආනයනය කරන සමාගමක් ලෙස, දිවයින පුරා පිහිටි අපගේ වාහන අංගන හයක් හරහා පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. අප සතුව නොමැති වාහනයක් වුවද, පාරිභෝගික අවශ්‍යතාවය අනුව ආනයනය කර ලබාදීමට අප සූදානම්. සියලුම පාරිභෝගිකයන්ට ‘අත්වැල’ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරනවා” යනුවෙනි.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු වයි. ඒ. ජයතිලක මහතා සඳහන් කළේ,
“රථ වාහන ආනයනය සම්බන්ධ සීමාවන් ලිහිල් වී ඇති මෙම අවස්ථාවේ, රටේ ශක්තිමත්ම බැංකුව වන ලංකා බැංකුවට, වසර 50කට අධික විශ්වාසනීය ඉතිහාසයක් හිමි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම සමඟ එක්ව ලීසිං පහසුකම් සැපයීමට හැකි වීම අපට මහත් සතුටකි. ලංකා බැංකුවේ පුළුල් ශාඛා ජාලයත්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සතු ශාඛා ජාලයත් එක්ව, දිවයින පුරා ලීසිං පාරිභෝගිකයන් සඳහා පුළුල් සහ පහසු සේවාවක් ලබාදීම අපගේ අරමුණ'' යැයි කියා සිටියේය.
ඡායාරූපය - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු වයි. ඒ. ජයතිලක යන මහත්වරුන් අදාළ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඡායාරූපයට පෙනී සිටි අයුරු.
එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) ඉන්ද්‍රා ට්‍රේඩර්ස්හි ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකරු අසිත පෙරේරා, සමූහ සාමාන්‍යාධිකාරී ධර්මා ඉලංගසිංහ, විකුණුම් අධ්‍යක්ෂ ශෂීන්ද්‍ර සිල්වා, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු, සංවර්ධන බැංකු කටයුතු හා ශාඛා ණය මෙහයුම් කලාප ii ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු, පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු සමන්ත විමලසිරි, ප්‍රධාන කළමනාකාරිනී, සංවර්ධන බැංකු කටයුතු, එෆ්. එස්. නයිම්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු, ආර්. එම්. එල්. ඩබ්ලිව්. රත්නායක යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වෙති.
Video Story