වාහන ආනයනයෙන් වසරේ මේ දක්වා රු. බිලියන 349ක බදු ආදායමක්

    October, 29, 2025

    2025 වසරේ මුල් මාස 09 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 3,563 ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

    එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 1,642ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 1,700ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 168ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 52ක් සඳහන්ව ඇත.

    මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 09 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම රු. බිලියන 311කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ මුල් මාස 09 හි වාහන ආනයන බදු ආදායම රු. බිලියන 38ක් ලෙසින් සටහන් වන අතර ඒ අනුව එය 2025 වසරේ දී රු. බිලියන 349ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රජයේ බදු ආදායමට ඉහළම දායකත්වය VAT බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,615කි. මීට අමතරව ආදායම් බදු මගින් රු. බිලියන 1,167ක් 2025 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ලබා ගැනීමට රජයට හැකිවී ඇත.

    මේ පිළිබඳ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.