July, 23, 2025
වාහන ආනයනය සීමා කිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිඳු තීරණයක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි.
"ප්‍රශ්නය - පසුගිය දින වල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවදානය යොමු වෙලා තියනවා කියලා මේකෙ කිසියම් සත්‍යතාවයක් තියන ද?"
"පිළිතුර - මහ බැංකුවෙන් කිසිම අවදානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා."
මේ අතර මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ සංග්‍රහයක් පසුගිය දා නිකුත් කරනු ලැබූ අතර මේ පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා එහි දී පැහැදිලි කිරීමක් සිදු කර සිටියේ ය.
"මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ."
Video Story