වාහන 60 ලක්ෂයක් මාර්ග වලින් ඉවත් කිරීමට චීනය සැරසෙයි

    May, 27, 2014

    වාතය දූෂණය අඩු කිරීමේ අරමුණෙන් දූෂිත වායූන් පරිසරයට මුදා හරින වාහන ලක්ෂ 60 ක් පමණ මාර්ග වලින් ඉවත් කිරීමට චීනය සූදානම් වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ යටතේ බෙයිජිං නුවරින් පමණක් පරණ වාහන තුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉවත් වනු ඇති බවයි.

    බෙයිජිං නුවර වාතය දූෂණය වීමට සියයට 31 ක් පමණ බලපාන්නේ ප්‍රමිතියෙන් තොරව දුම් නිකුත් කරන වාහන බව එරට පාරිසරික අංශ විසින් මෑතකදී සිදුකර තිබෙන පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.

    වාර්තා වන අකාරයට ලබන වසරේ අනිකුත් ප්‍රදේශවල නිසි ප්‍රමිතියෙන් තොරව දුම් නිකුත් කරන වාහන ලක්ෂ 50 ක් පමණ මාර්ග වලින් ඉවත් කිරීමට චීනය සැලසුම් කර තිබෙන බව සඳහන්ය.