October, 31, 2016
2016 ඔක්තෝබර් 26 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක ය. ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව කාර්තුවකට පිරිවැටුම රුපියල් මිලියන 12.5 හෝ වාර්ෂිකව රුපියල් මිලියන 50කි.
සෙසු භාණ්ඩ හා සේවා සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3ක් හෝ වසරකට රුපියල් මිලියන 12ක් වේ.
දුම්වැටි, මත්පැන්, දුරකතන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත. සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව), රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත.
නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.
(මීට අමතරව වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුව පහත දක්වා ඇත.)
නව සංශෝධනයට අනුව 2% ක්ව පැවැති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර කාර්තුවකට රුපියල් මිලියන 3.75ක්ව පැවැති පිරිවැටුම් පරිමාව රුපියල් මිලියන 3 දක්වා අඩු කර තිබේ.
දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත. කෙසේ වුවත් ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැත.