November, 12, 2015
වැලිබල් වන් සමාගම විසින් 2011 වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව, සමාගමේ ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දන්වා තිබේ.
මීගමුවේ ඉදිරිකිරීමට යෝජිත වූ වැලිබල් වන් සමාගමේ උපසමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සමර් සීසන් නම් තරු පහේ අතිසුඛෝපභෝගී හෝටලය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම පිණිස මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදුකෙරිණි. කෙසේ වෙතත් නිකුතුවෙන් වසර 4 ක් ඉක්මවා ඇතත් එහි අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සමාගමේ අසමත් වී තිබේ.
හෝටලය වෙත ප්‍රවේශ මාර්ගය අඩි 25 ක් දක්වා පළල් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය පමා වීම හේතුවෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා ආයෝජන මණ්ඩලයෙන් හිමිවිය යුතු බදු සහන, මෙම ව්‍යාපෘතිය සඳහා නොලැබීම නිසා අදාළ ගිවිසුම තවමත් අවසන් අදියරට නොපැමිණ තිබේ. මේ තත්ත්වය මත ග්‍රීනර් වෝටර් ලිමිටඩ් සමාගම තම වියදමින්, ප්‍රවේශ මාර්ගය පළල් කිරීමට අවශ්‍ය ඉඩම් මිල දී ගෙන අදාළ කටයුත්ත සම්පූර්ණ කර ඇති අතර ව්‍යාපෘතිය නැවත වරක් අනුමැතිය සඳහා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
සමාගම පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2019 පෙබරවාරි මාසයේ දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර 2019 අප්‍රේල් මාසය වන විට සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සමාගම අදහස් කර සිටී. මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශයට අනුව මෙම හෝටලයේ මෙහෙයුම් ආරම්භ කිරීමට යෝජිතව තිබුණේ 2014 ජනවාරි මාසය වන විටය.
Video Story